Garabandal

Garabandal
දේව මාතාවන්ට ආදරය කරන ඔබ නොවරදවා නැරඹිය යුතු චිත්‍රපටයකි.කතාන්දරය ආරම්භ​ වන්නේ මෙහෙමයි...1961 ජුනි 18. උතුරු ස්පාඤ්ඤ​යේ සෙබස්තියන් ද ගරාබන්ඩල් නම් කුඩා ගම්මානයක, කො​න්චිටා, ජැසින්ටා, මාරි ලෝලි සහ මාරි කෘ​ස් යන ගැහැණු ළමයින් සිව්දෙනා කියා සිටින්නේ ශාන්ත මයිකල් අග්‍ර දේවදූතයා තමන්ට පෙනී සිටි බවයි. ඉන් දින කිහිපයකට පසු, 1961 ජූලි 2 වන දින ඔවුන්ට දේව මාතාවන් ​කාර්මෙල්හි අප ස්වාමිදුව ලෙසි​න් දර්ශනය වේ. මෙම පළමු හමුවීමෙන් පසු, මෙම ස්වර්ගීය මාතාවන්ගේ දෙදහස් වතාවකට වඩා ඔවුනට දර්ශනය ​වී තිබේ. ගමේ පල්ලියේ පූජක පිය. වැලන්ටින් සහ සිවිල් ආරක්ෂක බළකායේ ජුවාන් ඇල්වරෙස් මහතා හදිසියේම අති විශාල සිදුවීමක ප්‍රධාන චරිත බවට පත්වේ. ව්‍යාකූල ධූරාවලියකට මුහුණ දෙමින්, පිළිතුරු සෙවීම සඳහා ගමට පැමිණෙන දිනෙන් දින වර්ධනය වන විශාල පිරිසකට මුහුණ දෙන අතරම සත්‍යය කොතැනදැයි සොයා ගැනීමට ඔවුන් අරගල කළ යුතුය...

Official Trailer

Full Movie